ලංකාතිලක විහාරය යනු ශ්‍රී ලංකාවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාන බෞද්ධ සිද්ධස්ථානයකි.එය පිලිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ 4 km පමණ දුරින් පිහිටයි.ලංකාතිලක විහාරය ගම්පොළ යුගයේ ඉදි කෙරූ විශිෂ්ටතම වාස්තු ලක්ෂණ පෙන්නුම් කරන නිර්මාණයක් ලෙස සැලකේ.
ලංකාතිලක විහාරයේ ඉතිහාසය ක්‍රි.ව 14 වන සියවස පමණ දක්වා දිවයයි.පැරණි මූලාශ්රයන්ට අනුව මෙම විහාරය හතරවන බුවනෙකබාහු රජු සමයේ ඉදිකරන ලද්දක් බව විශ්වාස කෙරේ.රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධීලංකාර වෙත පවරන බවත් ඔහු දකුණු ඉන්දියානු වාස්තුවේදී ස්ථපතිරායර්ගේ ද සහය ඇතිව විහාරය ගොඩ නැංවූ බවත් සදහන් වේ.සෙනරත් පරනවිතාන මහතාට අනුව ස්ථපතිරායර් විසින් ලංකාතිලක විහාරය ඉදිකිරීමේදී පොලොන්නරු යුගයේ සිංහල ද්‍රවිඩ සහ ඉන්දු චීන වාස්තු නිර්මාණ රටා උපයෝගී කර ගෙන ඇත.
ලංකාතිලක විහාරයේ පිලිමගෙය දේවාල 5 කින් සමන්විත වන අතර විශ්නු,සුමනසමන්,ගනදෙවි,විභීෂණ සහ කුමාර බණ්ඩාර යන දෙවිවරුන් වන්දනාමාන වේ.
😍😍
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDelete