Wednesday, May 8, 2024

දඹුල්ල

දඹුල්ල රජමහා විහාරය ශ්‍ර්‍රී ලංකාවේ මද්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහා විහාරයකි.මෙම අඩවිය කොළඹට 148km ක් ඊසාන දෙසින් හා මහනුවරට 72km ක් උතුරු දෙසින් පිහිටා ඇත.මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොදින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය වෙයි.හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරි ශිඛරය 160m ක් අහස උසට විහිදී ඇත.මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වඩා ඇත.මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5 ක් තුල ප්‍රධාන ආකර්ශන අඩංගු වී ඇත.මෙම සිතුවම් හා පිලිම බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුණු ඒවා වෙයි.මුලුමනින් බුදු පිලිම වහන්සේ 153 ක් ද ශ්‍රී ලාංකික රජවරු 3 දෙනෙකුගේ පිලිම හා දේවතා පිලිම 4 ක් ද මෙහි වෙති.           



පසුව සදහන් වූ 4 අතර විශ්නු හා ගන දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිලිම 2 ක් ද වෙයි.බිතුසිතුවම් 2100 වර්ග m වර්ගඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී.බිත්ති වල දක්නට ඇති සංවර්නත අතර මාර යකු විසින් බුදු රදුන් පෙලබවීමට ගත් උත්සාහය හා බුදු රදුන්ගේ පලමු ධර්ම දේශනා දැක්වේ.


දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයේ වසර 2700 කට වඩා පැරණි මානව ශරීර කොටස් සහිත සුසාන භූමි ඇති බැවින් බුදු දහම ලංකාව ට අවතීර්ණ වීමට පෙරාතුව මෙම ලෙන් සංකීර්ණ තුල ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලාංකිකයන් දිවි ගෙවූ බව අනුමාන කල හැක.




3 comments: