වර්තමානයේ බොහෝ විට ගල් විහාරය ලෙස හදුන්වන උත්තරාරාමය පොළොන්නරුව පිහිටා ඇති පුරාණ පිළිම ගෙයකි.ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දෙසින් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්තය සහිත උත්තරාරාමය යන නමින් හදුන්වා ඇත.එහෙත් විශිෂ්ට ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු බැවින් 20 වන සියසේදී උත්තරාරාම පිලිම ගෙයි ගල් විහාරය යන නමින් මහජනතාව අතර ප්‍රසිද්ධ වන්නට ඇති බව දැක්වේ.
හිටි පිලිමය
වම් පසින් තිභංග ඉරියව්වකින් යුත් අඩි 22 යි අගල් 9 ක් උසැති හිටි පිලිමයකි.විශ්මයකට මෙන් ගල් විහාරය පිළිබඳව චූලවංශයෙහි කිසිදු සදහනක් නොමැත.එබැවින් උයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ මෙය පශ්චාත් කාලීන කෘතියක් විය හැකි බවයි.
හිදි පිලිමය
නිසින්න පටිමා නමින් චූලවංශයේ හදුන්වා ඇති අඩි 15 ක් පමණ වන හිදි බුද්ධ ප්‍රතිමාව තොරනක් සහිතව විහාර ගෘහයක් පදනම් කොට නිර්මාණය කර ඇත.විද්‍යාධර ගුහාවට බටහිරින් නෙලා ඇති මෙම ප්‍රතිමාව වීරාසන ඉරියව්වකින් හා ද්‍යාන මුද්‍ර්‍රාවකින් නිරූපිතය.
සැතපෙන පිළිමය
චතුර්බුද්ධ ප්‍රතිමාවනගෙන් ප්‍රතමයෙන්ම සැතපෙන පිළිමය පිළිබඳව විමසීමේදී නිපන්න පටිමා යන නමින් හදුන්වා ඇති මෙය වෙනම පිලිම ගෙයක් තුළ ස්තාපනය කර තිබුණි.මෙමෙගින් බුදු රදුන්ගේ මහාපරිනිර්වාන මුද්‍ර්‍රාව නිරූපිත බව කියවේ.