Tuesday, May 14, 2024

පොළොන්නරුව වටදාගෙය

 


පෞරාණික නිර්මාණයක් වන පොලොන්නරුව වටදාගෙය පොලොන්නරුව යුගයේ ඉදි කෙරූ විශිෂ්ටතම නිර්මාණයකි.මෙය පලමුවන පරාක්‍රමබාහු රජ සමයේ ඉදි කරන ලදි.පොලොන්නරුව නගරය තුල පිහිටා ඇති මෙය රට තුළ සංරක්ෂණය වී ඇති විශිෂ්ටතම නිර්මාණයකි.

මෙම නිර්මාණය සංකීර්ණ ලෙස අලංකාර කරන ලද වේදිකා යුගලයකින් සමන්විත වේ.උතුරු දිශාවට මුහුණ ලා ඇති තනි දොරටුවෙන් පහත් වේදිකාවට පිවිසිය හැකිය.

නිශ්ශංක ලතා මන්ඩපය

 


නිශ්ශංක ලතා මන්ඩපය යනු ශ්‍රී ලංකාවේ පුරාන  පොළොන්නරවේ  ඉදිකර තිබූ කලා කෘතියකි.නිශ්ශංක මල්ල රජු විසින් තනවන ලද එතුමා අනුව යමින් නම් කර ඇති මෙය දළදා මලුවෙහි දකුණු වාහල්කඩෙහි පිහිටා ඇති අතර මෙය පොළොන්නරු යුගයේ නිර්මාණය කරන ලදී .

අලංකාර නෙලුම් මල් ඵලක සහිතව කැටයම් කල මෙම ශිලාමය නිර්මාණය නිශ්ශංක මල්ල රජු විසින් පිරිත් ශ්‍රවණය කල ස්තානයක් ලෙස සැලකේ.මෙය ශෛලමය ගරාදි වැටෙන් වට කර තිබෙන අලංකාර වේදිකාවකින් යුක්ත කලා නිර්මාණයකි.

කුට්ටම් පොකුණ

 


කුට්ටම් පොකුණු  සදහා පුරාන ශ්‍රී ලංකාවේ පෙන්විය හැකි උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි.මෙය අනුරාධපුර යුගයේ ක්‍රි.ව 569-571 පළමුවන අග්ගබෝධි රජු විසින් කරනා ලද්දකි.මෙය සිංහලයන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේද වාස්තු ශිල්පයේ සුවිශේෂ අග්‍ර ඵලයක් ලෙස සලකනු ලැබෙයි.


කුට්ටම් පොකුණ මතුපිට යටට සහ පැතිවලට යොදා ඇත්තේ කපාපු ගල් පුවරුය.පොකුනේ දෙපැත්තේ පිය ගැට පෙලවල් දක්නට ඇත.ඒවා සමෘද්ධිය විදහා දක්වන පුන්කලස් වලින් අලංකෘතය.පොකුණට ජලය ඇතුළු වන විට පෙරීමට ද උපක්‍රම යොදා තිබුණි.

අනුරාධපුර සමාධි පිළිමය











 සමාධි බුදු පිළිමය අනුරාධපුරයෙහි මහමෙවුනාවේ පිහිටා ඇත.මෙම පිලිම වහන්සේ තුලින් බුදුරජාණන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටින ආකාරය නිරූපිතය.මෙම භාවනා කරන ඉරියව්වේදී බුදුන් වහන්සේ එරමිනිය ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ නිර්මාණය කර ඇත.මෙම ඉරියව්ව පිළිබඳ මුලුමහත් බෞද්ධ ලෝකයම දැනුවත් අතර බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලවම මෙම ඉරියව්ව යොදා ගනු ලැබෙයි.

මෙම පිළිම වහන්සේ අඩි 7"3 ක් වන සේ නිර්මාණය කර ඇත.සමාධි බුදු පිළිම වහන්සේ ක්‍රි.ව 4 වන හෝ 5 වන සියවසට අයත් වන අතර මෙය අභයගිරි සමයට අයත් වෙතියි සැලකේ.නමුත් මෙම පිළිමය එකල උතුරු ,නැගෙනහිර ,බටහිර දකුණු යන දිශාවට මුහුණ ලා පිහිට වූ පිලිම වහන්සේලා 4 නමගෙන් එකක් ලෙස සැලකේ.


 


දෙගල්දොරුව විහාරය


 දෙගල්දොරුව විහාරය මහනුවර අමුනුගම නම් ග්‍රාමයේ පිහිටා තිබේ.සකස් කල ගල් ලෙනක් තුල නිර්මිත විහාරය මහනුවර යුගයේ කලාගාරයක් ලෙස සලකනු ලබයි.මේ සියල්ල අබිභවා දෙගල්දොරුව අමරනීයව ඇත්තේ එහි ගර්භ ගෘහයට ඇතුළු වන දොරටුව දෙපස ඇති වෙස්සන්තර හා සුතසෝම ජාතක කතා හා මාර පරාජය යන සිතුවම් නිසාය.


මාර පරාජය සිතුවම 

දෙගල්දොරුව සිතුවමක් වූ මාර පරාජය සිතුවම බොහෝ විද්වතුන්ගේ නොමද අවධානය දිනාගත් සිතුවමක් වේ.එහි වූ සුවිශේෂීත්වය වන්නේ භයංකාර මාරයාට විහිලු ස්වරූපයක් ලබා දි තිබීමයි.එසේම මාරයාගේ දුනු ඊතල අතරට තුවක්කු ලබා දී තිබීමයි.මාරපරාජයේ තුවක්කු අතින් ගත් මාරයින් කාලීන අධිරාජ්‍යවාදයට සියුම් බලපෑමක් කල බව දැකිය හැකිය.

Monday, May 13, 2024

ඉසුරුමුණිය විහාරය


 පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර අගනගරයේ රජ කල දේවනම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුනි විහාරය ගොඩ නංවන ලදී.උසස් කුල දරුවන් 500 ක් මහන කොට ඔවුන්ට වැඩ වාසය කිරීම පිනිස එය තනවන ලදී.කාශ්‍යප රජු විසින් මෙම විහාරය පිලිසකර කොට "කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කලේය.පැරණි ලක්දිව ගොඩනැගිලි කර්මාන්ත ආශ්‍රයෙන් විකාශනයට පත් විවිධ ශිලාමය කැටයම් අංග හැරුණු විට ස්වාධීන වශයෙන් අගය කල හැකි කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස් තත්වයෙහිලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් කීපයක් ද ලැබී ඇත.විශේෂයෙන් අනඅනුරාධපුරයෙහි ඉසුරුමුණි විහාරය තුලින් මෙවැනි කැටයම් කීපයක් ලැබීම ඇත. 

ඉසුරුමුණිය පෙම් යුවළ 


මෙම කැටයම මුලින්ම ලැබීම ඇත්තේ ඉසුරුමුණිය විහාරයට නුදුරින් පිහිටි රන්මසු උයන භූමියෙනි.මෙම ගල් පුවරුව අඩි 3 ක් පමණ උසින් සහ අඩි 2 ක් පමණ පලලින් යුක්ත වේ.මෙම පෙම් යුවල කැටයම ක්‍රි.ව 5 වන සියවසට පමණ අයත් බව පුරා විද්‍යා මතයයි.මෙම කැටයම මගින් නිරූපණය වන්නේ කවුරුන්ද යන්න තවදුරටත් නොවිසදුනු ගැටලුවකි.මෙහි පුරුශයා වාඩි වී සිටින ඉරියව්ව අර්ධ පර්‍යංකාසන හෙවත් ලලිතාසන ලෙස හැඳින් වේ.මෙහි කාන්තාව වාඩි වී සිටින්නේ තරුනයාගේ තබාගත් වම් උකුල මතයි.

මිනිසා සහ අශ්ව හිස 


ඉසුරුමුණියේ හමුවන වඩාත් අගනා ගල් කැටයමක් ලෙස එහි ස්වාභාවික ගල් පර්වතයේ නෙලා ඇති වාඩිගත් මිනිසෙකු හා අශ්ව හිසක් දැක්වෙන කැටයම දැක්විය හැක.මෙහි නිරූපිත තරුණයාගේ රූපය අඩි 2  1/2 පමණ උසින් යුක්ත වේ.



Thursday, May 9, 2024

පොළොන්නරුව ගල් විහාරය


 වර්තමානයේ බොහෝ විට ගල් විහාරය ලෙස හදුන්වන උත්තරාරාමය පොළොන්නරුව පිහිටා ඇති පුරාණ පිළිම ගෙයකි.ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දෙසින් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්තය සහිත උත්තරාරාමය යන නමින් හදුන්වා ඇත.එහෙත් විශිෂ්ට ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු බැවින් 20 වන සියසේදී උත්තරාරාම පිලිම ගෙයි ගල් විහාරය යන නමින් මහජනතාව අතර ප්‍රසිද්ධ වන්නට ඇති බව දැක්වේ.


හිටි පිලිමය 

වම් පසින් තිභංග ඉරියව්වකින් යුත් අඩි 22 යි අගල් 9 ක් උසැති හිටි පිලිමයකි.විශ්මයකට මෙන් ගල් විහාරය පිළිබඳව චූලවංශයෙහි කිසිදු සදහනක් නොමැත.එබැවින් උයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ මෙය පශ්චාත් කාලීන කෘතියක් විය හැකි බවයි.


හිදි පිලිමය 

නිසින්න පටිමා නමින් චූලවංශයේ හදුන්වා ඇති අඩි 15 ක් පමණ වන හිදි බුද්ධ ප්‍රතිමාව තොරනක් සහිතව විහාර ගෘහයක් පදනම් කොට නිර්මාණය කර ඇත.විද්‍යාධර ගුහාවට බටහිරින් නෙලා ඇති මෙම ප්‍රතිමාව වීරාසන ඉරියව්වකින් හා ද්‍යාන මුද්‍ර්‍රාවකින් නිරූපිතය.

සැතපෙන පිළිමය 

චතුර්බුද්ධ ප්‍රතිමාවනගෙන් ප්‍රතමයෙන්ම සැතපෙන පිළිමය පිළිබඳව විමසීමේදී නිපන්න පටිමා යන නමින් හදුන්වා ඇති මෙය වෙනම පිලිම ගෙයක් තුළ ස්තාපනය කර තිබුණි.මෙමෙගින් බුදු රදුන්ගේ මහාපරිනිර්වාන මුද්‍ර්‍රාව නිරූපිත බව කියවේ.


Wednesday, May 8, 2024

උඩුනුවර ලංකාතිලක විහාරය


 ලංකාතිලක විහාරය යනු ශ්‍රී ලංකාවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාන බෞද්ධ සිද්ධස්ථානයකි.එය පිලිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ 4 km පමණ දුරින් පිහිටයි.ලංකාතිලක විහාරය ගම්පොළ යුගයේ ඉදි කෙරූ විශිෂ්ටතම වාස්තු ලක්ෂණ පෙන්නුම් කරන නිර්මාණයක් ලෙස සැලකේ.


ලංකාතිලක විහාරයේ ඉතිහාසය ක්‍රි.ව 14 වන සියවස පමණ දක්වා දිවයයි.පැරණි මූලාශ්‍රයන්ට අනුව මෙම විහාරය හතරවන බුවනෙකබාහු රජු සමයේ ඉදිකරන ලද්දක් බව විශ්වාස කෙරේ.රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධීලංකාර වෙත පවරන බවත් ඔහු දකුණු ඉන්දියානු වාස්තුවේදී ස්ථපතිරායර්ගේ ද සහය ඇතිව විහාරය ගොඩ නැංවූ බවත් සදහන් වේ.සෙනරත් පරනවිතාන මහතාට අනුව ස්ථපතිරායර් විසින් ලංකාතිලක විහාරය ඉදිකිරීමේදී පොලොන්නරු යුගයේ සිංහල ද්‍රවිඩ සහ ඉන්දු චීන වාස්තු නිර්මාණ රටා උපයෝගී කර ගෙන ඇත.
ලංකාතිලක විහාරයේ පිලිමගෙය දේවාල 5 කින් සමන්විත වන අතර විශ්නු,සුමනසමන්,ගනදෙවි,විභීෂණ සහ කුමාර බණ්ඩාර යන දෙවිවරුන් වන්දනාමාන වේ.

දඹුල්ල

දඹුල්ල රජමහා විහාරය ශ්‍ර්‍රී ලංකාවේ මද්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහා විහාරයකි.මෙම අඩවිය කොළඹට 148km ක් ඊසාන දෙසින් හා මහනුවරට 72km ක් උතුරු දෙසින් පිහිටා ඇත.මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොදින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය වෙයි.හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරි ශිඛරය 160m ක් අහස උසට විහිදී ඇත.මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වඩා ඇත.මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5 ක් තුල ප්‍රධාන ආකර්ශන අඩංගු වී ඇත.මෙම සිතුවම් හා පිලිම බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුණු ඒවා වෙයි.මුලුමනින් බුදු පිලිම වහන්සේ 153 ක් ද ශ්‍රී ලාංකික රජවරු 3 දෙනෙකුගේ පිලිම හා දේවතා පිලිම 4 ක් ද මෙහි වෙති.           



පසුව සදහන් වූ 4 අතර විශ්නු හා ගන දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිලිම 2 ක් ද වෙයි.බිතුසිතුවම් 2100 වර්ග m වර්ගඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී.බිත්ති වල දක්නට ඇති සංවර්නත අතර මාර යකු විසින් බුදු රදුන් පෙලබවීමට ගත් උත්සාහය හා බුදු රදුන්ගේ පලමු ධර්ම දේශනා දැක්වේ.


දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයේ වසර 2700 කට වඩා පැරණි මානව ශරීර කොටස් සහිත සුසාන භූමි ඇති බැවින් බුදු දහම ලංකාව ට අවතීර්ණ වීමට පෙරාතුව මෙම ලෙන් සංකීර්ණ තුල ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලාංකිකයන් දිවි ගෙවූ බව අනුමාන කල හැක.




Wednesday, February 7, 2024

සීගිරිය

 අපේ සංස්කෘතික උරුම සොයා 


සීගිරිය

සිගිරිය හරිම පුදුම හිතෙන නිර්මාණයක්  වගේම ලෝක උරුමයක් .සිගිරිය සොයාගෙන යන ගමනේදී මෙය පිහිටල තියෙන්නේ සුන්දර මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ යි .කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලුව හන්දියේ දකුණට තිබෙන මාර්ගයේ කිලෝමීටර් 06 ක් පමණ දුරින් සිගිරිය පිහිටලා තියෙනවා .ඉතින් මේ සිගිරි බලකොටුව මුහුදු මට්ටමෙන් අඩි 1214 ක් පමණ උසින් ද අවට භුමියෙන් අඩි 650 ක් උසින්ද තනි පර්වතයක් ලෙස දිස් වේ.  පර්වත පාදයේ බටහිර දක්නට ඇති  බෞද්ධ ලෙන් විහරයක නටඹුන් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයත් වේ. එමනිසා මෙය ක්‍රි.පු 3 වන සියවසේ පටන් පැවති බව සදහන් වේ.කෙසේ වුවත් මේ සිගිරිය ලෝක ප්‍රකට කලා නිකේතනයක් වන්නේ 1 වන කාශ්‍යප රජතුමා තම රාජධානිය ක් කරගත්තා ට පසුව බවයි සදහන් වන්නේ .ආරක්ෂක බලකොටුවක් ලෙස රාජමාලිගයක් හා නාගරික සැලසුමක් ගොඩනගා ගනිමින් රජතුමා ආලකමන්දාවේ කුවේරයා ලෙස ජිවත් වු බව මහාවංසය කියයි.


1982 දි ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සීගිරිය වටිනා උරුමයක් වේ .සිගිරිය සංකීර්ණ කොටස් කීපයකි.සීගිරි පර්වතය හා ඒ මත ඇති මාලිගාව,ජල උද්‍යාන,උයන් ,දිය අගල් හා මෙම අලංකාර ඉදිකිරීම් දෙස් විදෙස් සන්චාරකයන්ගේ ආකර්ෂණීය පුරාවිද්‍යා ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි ලෝක ප්‍රකට බිතුසිතුවම් හා කැටපත් පවුර නිසාය .