අපේ සංස්කෘතික උරුම සොයා
සීගිරිය
සිගිරිය හරිම පුදුම හිතෙන නිර්මාණයක් වගේම ලෝක උරුමයක් .සිගිරිය සොයාගෙන යන ගමනේදී මෙය පිහිටල තියෙන්නේ සුන්දර මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ යි .කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලුව හන්දියේ දකුණට තිබෙන මාර්ගයේ කිලෝමීටර් 06 ක් පමණ දුරින් සිගිරිය පිහිටලා තියෙනවා .ඉතින් මේ සිගිරි බලකොටුව මුහුදු මට්ටමෙන් අඩි 1214 ක් පමණ උසින් ද අවට භුමියෙන් අඩි 650 ක් උසින්ද තනි පර්වතයක් ලෙස දිස් වේ. පර්වත පාදයේ බටහිර දක්නට ඇති බෞද්ධ ලෙන් විහරයක නටඹුන් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයත් වේ. එමනිසා මෙය ක්‍රි.පු 3 වන සියවසේ පටන් පැවති බව සදහන් වේ.කෙසේ වුවත් මේ සිගිරිය ලෝක ප්‍රකට කලා නිකේතනයක් වන්නේ 1 වන කාශ්‍යප රජතුමා තම රාජධානිය ක් කරගත්තා ට පසුව බවයි සදහන් වන්නේ .ආරක්ෂක බලකොටුවක් ලෙස රාජමාලිගයක් හා නාගරික සැලසුමක් ගොඩනගා ගනිමින් රජතුමා ආලකමන්දාවේ කුවේරයා ලෙස ජිවත් වු බව මහාවංසය කියයි.
1982 දි ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සීගිරිය වටිනා උරුමයක් වේ .සිගිරිය සංකීර්ණ කොටස් කීපයකි.සීගිරි පර්වතය හා ඒ මත ඇති මාලිගාව,ජල උද්‍යාන,උයන් ,දිය අගල් හා මෙම අලංකාර ඉදිකිරීම් දෙස් විදෙස් සන්චාරකයන්ගේ ආකර්ෂණීය පුරාවිද්‍යා ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි ලෝක ප්‍රකට බිතුසිතුවම් හා කැටපත් පවුර නිසාය .
Super
ReplyDelete❤️❤️
ReplyDeleteSuper
ReplyDeleteGreat
ReplyDelete❤️
ReplyDelete😍
ReplyDelete🤩🤩
ReplyDelete❤️
ReplyDelete