Tuesday, May 14, 2024

අනුරාධපුර සමාධි පිළිමය











 සමාධි බුදු පිළිමය අනුරාධපුරයෙහි මහමෙවුනාවේ පිහිටා ඇත.මෙම පිලිම වහන්සේ තුලින් බුදුරජාණන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටින ආකාරය නිරූපිතය.මෙම භාවනා කරන ඉරියව්වේදී බුදුන් වහන්සේ එරමිනිය ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ නිර්මාණය කර ඇත.මෙම ඉරියව්ව පිළිබඳ මුලුමහත් බෞද්ධ ලෝකයම දැනුවත් අතර බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලවම මෙම ඉරියව්ව යොදා ගනු ලැබෙයි.

මෙම පිළිම වහන්සේ අඩි 7"3 ක් වන සේ නිර්මාණය කර ඇත.සමාධි බුදු පිළිම වහන්සේ ක්‍රි.ව 4 වන හෝ 5 වන සියවසට අයත් වන අතර මෙය අභයගිරි සමයට අයත් වෙතියි සැලකේ.නමුත් මෙම පිළිමය එකල උතුරු ,නැගෙනහිර ,බටහිර දකුණු යන දිශාවට මුහුණ ලා පිහිට වූ පිලිම වහන්සේලා 4 නමගෙන් එකක් ලෙස සැලකේ.


 


4 comments: