Tuesday, May 14, 2024

දෙගල්දොරුව විහාරය


 දෙගල්දොරුව විහාරය මහනුවර අමුනුගම නම් ග්‍රාමයේ පිහිටා තිබේ.සකස් කල ගල් ලෙනක් තුල නිර්මිත විහාරය මහනුවර යුගයේ කලාගාරයක් ලෙස සලකනු ලබයි.මේ සියල්ල අබිභවා දෙගල්දොරුව අමරනීයව ඇත්තේ එහි ගර්භ ගෘහයට ඇතුළු වන දොරටුව දෙපස ඇති වෙස්සන්තර හා සුතසෝම ජාතක කතා හා මාර පරාජය යන සිතුවම් නිසාය.


මාර පරාජය සිතුවම 

දෙගල්දොරුව සිතුවමක් වූ මාර පරාජය සිතුවම බොහෝ විද්වතුන්ගේ නොමද අවධානය දිනාගත් සිතුවමක් වේ.එහි වූ සුවිශේෂීත්වය වන්නේ භයංකාර මාරයාට විහිලු ස්වරූපයක් ලබා දි තිබීමයි.එසේම මාරයාගේ දුනු ඊතල අතරට තුවක්කු ලබා දී තිබීමයි.මාරපරාජයේ තුවක්කු අතින් ගත් මාරයින් කාලීන අධිරාජ්‍යවාදයට සියුම් බලපෑමක් කල බව දැකිය හැකිය.

4 comments: