පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර අගනගරයේ රජ කල දේවනම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුනි විහාරය ගොඩ නංවන ලදී.උසස් කුල දරුවන් 500 ක් මහන කොට ඔවුන්ට වැඩ වාසය කිරීම පිනිස එය තනවන ලදී.කාශ්‍යප රජු විසින් මෙම විහාරය පිලිසකර කොට "කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කලේය.පැරණි ලක්දිව ගොඩනැගිලි කර්මාන්ත ආශ්රයෙන් විකාශනයට පත් විවිධ ශිලාමය කැටයම් අංග හැරුණු විට ස්වාධීන වශයෙන් අගය කල හැකි කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස් තත්වයෙහිලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් කීපයක් ද ලැබී ඇත.විශේෂයෙන් අනඅනුරාධපුරයෙහි ඉසුරුමුණි විහාරය තුලින් මෙවැනි කැටයම් කීපයක් ලැබීම ඇත.
ඉසුරුමුණිය පෙම් යුවළ
මෙම කැටයම මුලින්ම ලැබීම ඇත්තේ ඉසුරුමුණිය විහාරයට නුදුරින් පිහිටි රන්මසු උයන භූමියෙනි.මෙම ගල් පුවරුව අඩි 3 ක් පමණ උසින් සහ අඩි 2 ක් පමණ පලලින් යුක්ත වේ.මෙම පෙම් යුවල කැටයම ක්‍රි.ව 5 වන සියවසට පමණ අයත් බව පුරා විද්‍යා මතයයි.මෙම කැටයම මගින් නිරූපණය වන්නේ කවුරුන්ද යන්න තවදුරටත් නොවිසදුනු ගැටලුවකි.මෙහි පුරුශයා වාඩි වී සිටින ඉරියව්ව අර්ධ පර්යංකාසන හෙවත් ලලිතාසන ලෙස හැඳින් වේ.මෙහි කාන්තාව වාඩි වී සිටින්නේ තරුනයාගේ තබාගත් වම් උකුල මතයි.
මිනිසා සහ අශ්ව හිස
ඉසුරුමුණියේ හමුවන වඩාත් අගනා ගල් කැටයමක් ලෙස එහි ස්වාභාවික ගල් පර්වතයේ නෙලා ඇති වාඩිගත් මිනිසෙකු හා අශ්ව හිසක් දැක්වෙන කැටයම දැක්විය හැක.මෙහි නිරූපිත තරුණයාගේ රූපය අඩි 2 1/2 පමණ උසින් යුක්ත වේ.



💙💙💙
ReplyDeleteGreat ❤️
ReplyDeleteSuper
ReplyDelete👍
ReplyDelete👍
ReplyDelete